දේශගුණික විපර්යාස පිළිබඳ සොයා බැලීම හා හරිත ආර්ථිකයක් ගොඩනැංවීමේ නව ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ දේශගුණික ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සහ හරිත වර්ධක සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජය හා ලෝක හරිත වර්ධක ආයතනය (GGGI) අතර ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලෝක හරිත වර්ධක ආයතනයේ සභාපති හා එක්සත් ජාතීන්‍‍ගේ හිටපු මහ‍ ලේකම් බන් කී මූන් මහතා ඉදිරියේ යි අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ සහ ලෝක හරිත වර්ධක ආයතනයේ හි අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රෑන්ක් රිෂ්බමාන් (Frank Rijsberman) යන මහත්වරුන් විසින් ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

රට තුළ හරිත වර්ධන මූලාරම්භයන් වඩාත් ඵලදායී ලෙස සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට මෙම ගිවිසුම මඟින් හැකියාව ලැබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මෙම ගිවිසුම මඟින් අනාවරණය වන ආයතනවල ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා හරිත දේශගුණික අරමුදල (GCF) විසින් අරමුදල් සපයනු ලබන ජාතික අනුවර්තන සැලැස්ම (NAP) සහ ඒ සඳහා සූදානම් කිරීම‍ට සහාය වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ද ඊට ඇතුළත්.

මෙම ව්‍යාපෘතියට පළාත් අනුවර්තන සැලසුම් සංවර්ධනය කිරීම සහ එම සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා දේශගුණ අනුවර්තන ආයෝජන හඳුනා ගැනීම ද ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව 2019 දී ලෝක හරිත වර්ධක ආයතනයේ (GGGI) සාමාජිකයෙකු ලෙස එක් වූ අතර, 2022 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාව එම ආයතනයේ උප සභාපති සහ ලෝක හරිත වර්ධක ආයතනයේ උප සභාපති ලෙස තේරී පත් වුණා.

ලෝක හරිත වර්ධක ආයතනය සංවර්ධනය වෙමින් පවතින රටවල සහ නැගී එන ආර්ථිකයන්ට තිරසාර ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට සහාය දැක්වීමට කැපවී සිටිනවා.

එසේම එය හරිත වර්ධන සැලසුම්, ප්‍රතිපත්ති සහ රෙගුලාසි, හරිත ආයෝජන බලමුළු ගැන්වීම, හරිත වර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති උපදෙස් සහ තාක්ෂණික සහාය ලබා දීම, අඩු කාබන් හරිත ආර්ථිකයන් බවට සාමාජික රටවල් පර්වර්තනය කිරිම සඳහා සක්‍රීය පහසුකම් සපයන්නෙකුගේ කාර්යභාරය ඉටු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?