AFC Banner
AFC Banner
Empty Ad

දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරු පත් කෙරේ – සජිත්ටත් පුටුවක්

ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරු ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්.එම්. අබේවික්‍රම යන මහත්වරු තේරී පත් වුණා.

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය නැවත ස්ථාපනය කිරීම වෙනුවෙන් එහි පළමු රැස්වීම පසුගියදා (08) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දීයි පැවැත්වුණේ.

මෙහිදී සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා තේරී පත් වුණා.

සම කැඳවුම්කරුවන් ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ අනුෂ්කා තිලකරත්න යන මහත්මීන් ද තේරී පත් වූ බවයි පැවසෙන්නේ.

සංසදය අමතමින් සම සභාපතිවරුන් පවසා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇති කාලයක දේශගුණික විපර්යාස මෙරටට සිදු කරන බලපෑම් සහ ඒවාට ගතයුතු පියවර පිළිබඳව සාමූහිකව ඉදිරියේදී සාකච්ඡා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?