දේවගැති ජෙරොම්ගෙ පෙත්සම සලකා බැලීමට අධිකරණය දින දෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස සීමිත විරෝධතා ගොනු කර තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට හමුවේ දැනුම් දුන්නා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නිතීඥ ෂමින්ද වික්‍රම මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කර තිබෙන බවයි.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළා.

පෙත්සම්කරු කියා සිටින්නේ තමා විසින් සිදු කළ ප්‍රකාශයකින් බුදුදහම ඇතුළු ආගම් වලට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තම විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ද ලබා ගෙන තිබෙන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් මතුව තිබෙන බවත් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති අවස්ථාවක එලෙස අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් පෙත්සම්කරු පවසනවා.

ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙන නඩු කටයුත්ත බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර දේවගැතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?