දෙහිවල සිංහයාට කොරෝනා ආසාදනය වූ ආකාරය හෙළිවෙයි ?

රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයකුගෙන් දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විශ්වාස කරන බව රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල්චන්ද්‍ර පවසනවා.

දෙහිවල සත්ව උද්‍යානයේ කොරෝනා ආසාදිතව සිටියදී හඳුනාගත් සිංහයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලැබුවේ මෙම මහාචාර්යවරයායි.

දෙහිවල සත්වෝද්‍යානයේ තෝර් නැමැති සිංහයාට කොරෝනා වෛරසය ආසාදිත බවට පළමුවරට හඳුනාගත් අතර ඉන්පසුව සිංහ ධේනුවටද වෛරසය ආසාදිත බවට හඳුනා ගනු ලැබුවා.

රාගම වෛද්‍ය පීඨයේ පරීක්ෂණ කණ්ඩායම විසින් සිංහයාගේ නාස් කුහරයන්ගෙන් ලබාගත් සෙම පටල මගින් වෛරසය ආසාදිත බව හඳුනා ගෙන තිබුණා.

ඒ අනුව එම සිංහයාට වැළඳී ඇති වෛරස් ප්‍රභේදය කුමක්ද යන්න පරික්ෂා කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ සිදුකළා .

ඒ අනුව පළමුව හඳුනාගත් තෝර් නැමැති සිංහයාට ඇල්ෆා ප්‍රභේදය වැළඳී ඇති බවයි මේ වන විට තහවුරු  වී ඇත්තේ.

ඒ හේතුව මත මේවන විට සිංහ ධේනුවගේ ද ජාන විශ්ලේෂණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ‍ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට බාරදී ඇති බව මහාචාර්ය සුනිල්චන්ද්‍ර කියාසිටියා.

බොහෝ දුරට සිංහ ධේනුවට ද ඇල්ෆා ප්‍රභේදය ම වැළඳී ඇති බවට සැක කරන බවයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම ඇල්ෆා ප්‍රභේදය එංගලන්තයේ සීග්‍රයෙන් පැතිර යන ප්‍රභේදයක් වන අතර එය සතුන් අතර පැතිරයාමේ දැඩි අවදානමක් ඇති බව ඔහු පෙන්වා දෙනවා.

වානර වර්ගයේ සතුන්ට කොරෝනා වෛරසය වැළඳීමේ වැඩි අවදානමක් ඇති බවත් බළල් කුලයේ සතුන්ට කොරෝනා වෛරසය වැළඳීමේ මධ්‍යම ප්‍රමාණයේ  අවදානමක් ඇති බවද ඔහු කියා සිටියා.

සිංහයන්ට කොරෝනා වයිරසය ආසාදනය වීම සම්බන්ධයෙන් දෙහිවල සත්වඋද්‍යානයේ සේවකයන් සියයකට අධික පිරිසකගේ PCR පරීක්ෂණ සිදුකරනු ලැබූ අතර එයින් එක් පුද්ගලයකු පමණක් කොරෝනා වෛරසය ආසාදිත ව හඳුනාගත් අතර එම පුද්ගලයා සිංහයන් සමග සමීප සම්බන්ධතා නොපවත්වා ඇති බව මහාචාර්ය සුනිල්චන්ද්‍ර කියාසිටියා.

රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයකුගෙන් සිංහයන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තමන් සැක සිතන බවයි ඔහු සඳහන් කළේ.

සතුන්ගෙන් කොරෝනා වෛරසය මිනිසුන්ට බෝ නොවන අතර මිනිසුන්ගෙන් සතුන්ට කොරෝනා වෛරසය ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇතැයි ද මහාචාර්යවරයා කියාසිටියා. රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල්චන්ද්‍ර වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තමන් අසනීප තත්ත්වයෙන් පසුවේ නම් සුරතල් සතුන් සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?