දෙහිවල සත්වෝද්‍යානයේ පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ බෙංගාල ව්‍යාග්‍ර පැටවුන් තිදෙනාගේ මව වන ‘කෙල්ල’ නැමති ව්‍යාග්‍ර ධේනුව මියගොස් තිබෙනවා. අකිරා, ඩුමා සහ ලියෝ යන එම පැටවුන්ට මෙම ව්‍යාග්‍ර ධේනුව උපත ලබා දුන්නා.
‘කෙල්ල’ නැමති ව්‍යාග්‍ර ධේනුව දරුණු පිලිකා රෝගයකින් පීඩා විදිමින් සිටි බවයි දෙහිවල සත්වෝද්‍යානයේ නිලධාරීන් පැවසුවේ. ඇය සත්වෝද්‍යානයේ පශුවෛද්‍යවරුන් සහ සත්ව අංශයේ කාර්‍යය මණ්ඩලයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබෙනවා.













