මෙම වසරේ දෙසැම්බර් 31 වන විට දිවයිනේ සියලුම මගී ප්‍රවාහන බස් රථ ඒකාබද්ධ කාල සටහනක් යටතේ ධාවනය කිරීමට හැකිවනු ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ ගමන්වාර ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (25) රාත්‍රියේ කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්රථ අංගනයේ දී එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්රථ අංගනයේ සිට එම ඒකාබද්ධ ගමන්වාර ආරම්භ කරනු ලැබුවා.
ඒ, අනුව කොළඹට පිවිසෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ගයක් වන පුත්තලම් කොරිඩෝවේ යාපනය සිට කොළඹ දක්වා, මන්නාරම සිට කොළඹ දක්වා, තලෛයිමාන්නාරම සිට කොළඹ දක්වාත් ධාවනය වන බස්රථවල පළමුව මෙම ඒකාබද්ධ ගමන්වාර ක්‍රමය මෙලෙස ආරම්භ කරනු ලැබුවා.





