spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෙසැම්බර් වනවිට උද්දමනය තනි ඉලක්කමකට – මුදල් රාජ්‍ය ඇමති (වීඩියෝ)

මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට උද්දමනය තනි ඉලක්කමකට ගෙන ඒමට හැකිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාවට එක්වෙමින් ඊයේ (03) අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“ලෝකයම ආර්ථික අර්බුදයකින් වෙලාගත්ත අවස්ථාක දරුණු ආර්ථික අවපාතයකට අපි වැටුණා. අපේ නායක හාමුදුරුවෝ ප්‍රකාශ කළා වගේ මේ රට දැන් ටික ටික වෙනස් වෙමින් යන යුගයක්. දැන් අපි හෙමින් හෙමින් ඔලුව උස්සනවා. අතිගරු ජනාධිපතිතුමා අනික් පැත්ත හැරු ණු රට හෙමින් හෙමින් ආපස්සට හරවලා පෙර තිබුණු තත්ත්වයට ගේන්න උපරිම උත්සාහයක් දරණවා. මේ වෙනකොට අපිට සතුටුදායක තත්ත්වයක් දකින්න ලැබෙනවා. පොසොන්වලට අද මේ සෙනඟ දකිනකොට මෙහෙම රටක් තිබීම ගැන අපි සතුටු වෙනවා. මොකද දැන් බඩු මිල ටික ටික අඩු වෙලා ජනතාවට පීඩනය අඩු වෙමින් යන්නේ. තව ටික දවසකින් පෙර පිරිදිම බඩු මිල ඒ් තත්ත්වයටම ආවාම ජනතාවට පෙර හිටියා වගේම සතුටින් ඉන්න පුළුවන්. මොකද දෙසැම්බර් මාසය වෙනකොට මේ වසරේ අග වෙනකොට අපි උද්ධමනය තනි ඉලක්කමකට ගේනවා.”

https://youtu.be/TYchYCp0oIc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?