AFC Banner
Empty Ad
Empty Ad

දෙස් – විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගය අතර හමුවක් (ඡායාරූප)

දෙස් – විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් අතර හමුවක් අද පෙරවරුවේ සිදු වුණා.

ඒ ජාතික ජන බලවේග කාර්යාලයේ දී යි.

එහිදී ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික අමාත්‍ය සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාටීන් ගුඩ්මන් (Martin Guzman) මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයති ගෝෂ් (Jayathi Ghosh), එක්සත් ජාතීන්ගේ සහස්‍රක ව්‍යාපෘතියේ හිටපු කලාපීය අධ්‍යක්ෂ චාල්ස් ඇබුග්‍රේ (Charls Abugre), යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අහිලන් කදිරගාමර් (Ahilan Kadirgamar) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියා.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම්, ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳ ව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වුණා.

ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය අනුර කරුණාතිලක, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, චතුරංග අබේසිංහ, ඉංජිනේරු එරංග වීරරත්න, මහාචාර්ය උපාලි පන්නිලගේ සහ වරලත් ගණකාධිකාරි සුනිල් ගමගේ යන අයවලුන් මෙම සාකච්ඡාවට සහභාගි වුණු බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2024 06 10 at 16.30.06 2
WhatsApp Image 2024 06 10 at 16.30.06 1
WhatsApp Image 2024 06 10 at 16.30.06
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?