AFC Banner
Empty Ad
Empty Ad

දෙවන 20-20 තරගයෙන් ඉන්දියාවට දැවැන්ත ජයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 100ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

හරාරේ හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 02ක් පමණක් දැවී 234ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී රෝහිත් ශර්මාගේ විශ්‍රාම යාමත් සමඟ ඉන්දීය 20-20 කණ්ඩායමේ නව නිත්‍ය ආරම්භක පිතිකරු තනතුරේ අභිසෙස් ලැබීමට නියමිතව සිටින අභිෂේක් ෂර්මා සිය පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

දෙරට අතර පැවති පළමු තරගයේදී ලකුණු නොලබා දැවීගිය අභිෂේක් ෂර්මා ඊට පසුදින පැවති මෙම තරගයේ දී ශතකයක් රැස් කිරීම ද විශේෂත්වයක්.

එමෙන්ම රුතුරාජ් ගයික්වාඩ් වේගවත් ලකුණු 77ක් සහ රින්කු සිං ලකුණු 48ක් ඉන්දීය ලකුණු පුවරුවට එක් කළා.

පන්දු යැවීමේ දී බ්ලෙසින් මුසරබානි සහ වෙලින්ටන් මසකඩ්සා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

අනතුරුව පන්දු 120ක් තුළ ලකුණු 235ක දැවැන්ත ඉලක්කය හඹා යාමට සිම්බාබ්වේ පිතිකරුවන් පිටියට පිවිසි අතර, ඔවුන්ට පන්දුවාර 18යි පන්දු 04ක් තුළ සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි.

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට වෙස්ලි මාදේවෙරේ පත් වූ අතර ඔහු ලකුණු 43ක් රැස් කළා.

ඊට අමතරව ලූක් ජොන්ග්වේ ලකුණු 33ක් සහ බ්‍රයන් බෙනට් ලකුණු 26ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිමේ දී සිම්බාබ්වේ පිතිකරුවන් අසරණ කළ මුකේෂ් කුමාර් සහ අවේශ් ඛාන් අතරේ කඩුලු 03 බැඟින් බෙදී ගියා.

ඒ, අනුව සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 100කින් පරාජය කළ ඉන්දීය කණ්ඩායම මෙම තරගයේ ජයග්‍රහණය වාර්තා කළ අතර, තරග පහකින් සමන්විත 20-20 තරගාවලිය තරග එකට එකක් ලෙස සමකිරීමට ද සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?