AFC Banner
Empty Ad
Empty Ad

දෙවන සහ අවසන් විස්සයි විස්සේ ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී අවසන්

ඇෆ්ගනිස්ථානට සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන සහ තුන්වන විස්සයි විස්ස තරගවල ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වනවිට අලෙවි වී අවසන් බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා කවුන්ටර වෙත නොපැමිණෙන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ.

දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය හෙට (19) පැවැත්වෙන අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය පැවැත්වෙන්නේ ලබන 21 වනදායි.

මේ අතර දෙරට අතර ඊයේ (17) පැවැති පළමු විස්ස්යයි විස්ස තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් 18,000කට වැඩි පිරිසක් පැමිණ සිටි බව සඳහන්.

මෙම විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන්නේ නවීකරණය කළ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
6
+1
1
+1
4
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?