ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන එක්දින තරගය අද (15) චිතග්‍රෑම් හිදී ආරම්භ වනවා.
මෙම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.
ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදීමටයි.
මේ අතර අද තරගය සඳහා මහිෂ් තීක්ෂණ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.
දෙරට අතර පැවති පළමු තරගය බංග්ලාදේශය කඩුලු 06කින් ජයගත් අතර, තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරගය ශ්‍රී ලංකාව ජයගැනීම අනිවාර්ය වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
+1
4
+1
1
+1
1
+1
2
+1




