දෙයියොන්ගේ කාමරේ කඩා ලක්ෂ ගාණක මුදල් හා රත්‍රං කොල්ලකෑ සැකකරුවන් අල්ලයි

මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ දේව ආභරණ කාමරය කොල්ල කා රත්‍රං පවුල් 41ක් සහ මුදල් ලක්ෂ 57ක ප්‍රමාණයක් සොරකම් කළ පුද්ගලයින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් විසින් සොරකම් කරන ලද රත්‍රං සහ මුදල් ප්‍රමාණ ද සොයාගත් බවයි මාතලේ පොලිසිය පැවසුවේ.

මෙම සොරකම ජනවාරි මස 25 වැනිදා සිදු ව තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අතර මහමොළකරු පූසාරි කෙනෙකු බවත් හෙළි ව තිබෙනවා.

සැකකරුවන් අද (29) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?