දෙයියන්ට තැබූ පහනට මැදපෙරදිග යුද්ධය නිසා ගෙනා තෙල් දාලා – නිවසම සුන්නත් ධූලි වෙයි

නිවසක දෙවියන්ට දැල්වූ පහනට පොල්තෙල් වෙනුවට පෙට්‍රල් වැරදීමකින් දැමීම හේතුවෙන් එම මුළු නිවසම ගිනිබත් වී තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ,වව්නියාව – බණ්ඩාරිකුලම් ප්‍රදේශයේ පිහිටි නිවසකයි.

ගෙහිමියා දෙවියන්ට පහන පත්තු කර ඇති අතර අසල තබා තිබූ බෝතලයකින් ගෙන වත්කර ඇත්තේ පෙට්‍රල් බවයි වාර්තාකරු පැවසුවේ.

ඒ සමගම අසල තිබූ ඉන්ධන තොගයට ද ගිනි ඇවිළී ගොස් තිබෙනවා.

සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ, මැදපෙරදිග යුද්ධය හේතුවෙන් දිවයිනේ ඉන්ධන හිඟයක් ඇති වේවි යැයි සැක සිතා ගෙහිමියා විසින් ඉන්ධන ගබඩා කර තබා ඇති බවත්, එම සියල්ලම දෙවියන්ට පහන දල්වන ස්ථානයේ තබා ඇති බවයි.

ගින්න මැඩපැවැත්වීමට ප්‍රදේශවාසීන් කෙතරම් උත්සාහ ගැනුණ ද, එය අසාර්ථක වී තිබෙනවා.

මුළු දේපොළ සියල්ලම විනාශ වී ඇති අතර වව්නියාව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මැදිහත් වීමෙන් ගින්න නිවා දැමූ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
32
+1
1
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34