දෙමසකට පසු බෙන් ස්ටොක්ස් යළිත් කණ්ඩායමේ නායකත්වයට

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක වශයෙන් කටයුතු කළ බෙන් ස්ටොක්ස් (Ben Stokes) යළිත් කණ්ඩායම සමග එක් ව තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ; මෙම සතියේ අග එනම්; අනිද්දා (15) දින මුල්තාන්හිදී ආරම්භ වීමට නියමිත පාකිස්තානයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගාවලියේ නායකත්වයට ස්ටොක්ස්ව කැඳවා ඇති බවයි.

ස්ටෝක්ස් මස්පිඬු ආබාධයකට ලක් ව ප්‍රතිකාර ලබමින් විවේක ගැන්වීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කළේ.

මාස දෙකකට පමණ පසුව මෙලෙස යළිත් බෙන් ස්ටොක්ස් සිය කණ්ඩායම සමග තණතිල්ලේ දී එක් වනු ඇති.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියට ද ස්ටෝක්ස් එක් වූයේ නැහැ.

දෙවැනි තරගයෙන් වේග පන්දු ක්‍රීඩක ක්‍රිස් වොක්ස් විවේක ගන්වා ඇති අතර; ඒ වෙනුවට එක් කර ඇත්තේ මැතිව්ස් පොට්ස්.

තරගය පැවැත්වෙන මුල්තාන් ක්‍රීඩාංගණය මේ දිනවල එරටට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් යටවී ගොස් තිබුණ ද, ක්‍රමයෙන් කාලගුණය යහපත් වීම මත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.

දෙවැනි ටෙස්ට් තරගයට සිය පන්දු බලඇණිය සූදානම් කරමින් එරට වේගපන්දු උපදේශක ජේම්ස් ඇන්ඩර්සන් පැවසුවේ බ්‍රයිඩන් කාර්ස්, පොට්ස් වැනි ක්‍රීඩකයින්ට මුල්තාන් තණතිල්ල වාසිදායක විය හැකි බවත් දඟ පන්දු යවන්නන් හට වඩාත් කදිම විය හැකි බවයි.

කෙසේවෙතත් එංගලන්ත කණ්ඩායම තරග තුනකින් සමන්විත පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගය ඉනිමකින් ජයගත් අතර මෙම තරගය වඩාත් ජයග්‍රහණය තීරණාත්මක සාධකයක් දෙපාර්ශ්වයටම නිර්මාණය කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34