දෙමසකට පසු බෙන් ස්ටොක්ස් යළිත් කණ්ඩායමේ නායකත්වයට

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක වශයෙන් කටයුතු කළ බෙන් ස්ටොක්ස් (Ben Stokes) යළිත් කණ්ඩායම සමග එක් ව තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ; මෙම සතියේ අග එනම්; අනිද්දා (15) දින මුල්තාන්හිදී ආරම්භ වීමට නියමිත පාකිස්තානයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගාවලියේ නායකත්වයට ස්ටොක්ස්ව කැඳවා ඇති බවයි.

ස්ටෝක්ස් මස්පිඬු ආබාධයකට ලක් ව ප්‍රතිකාර ලබමින් විවේක ගැන්වීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කළේ.

මාස දෙකකට පමණ පසුව මෙලෙස යළිත් බෙන් ස්ටොක්ස් සිය කණ්ඩායම සමග තණතිල්ලේ දී එක් වනු ඇති.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියට ද ස්ටෝක්ස් එක් වූයේ නැහැ.

දෙවැනි තරගයෙන් වේග පන්දු ක්‍රීඩක ක්‍රිස් වොක්ස් විවේක ගන්වා ඇති අතර; ඒ වෙනුවට එක් කර ඇත්තේ මැතිව්ස් පොට්ස්.

තරගය පැවැත්වෙන මුල්තාන් ක්‍රීඩාංගණය මේ දිනවල එරටට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් යටවී ගොස් තිබුණ ද, ක්‍රමයෙන් කාලගුණය යහපත් වීම මත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.

දෙවැනි ටෙස්ට් තරගයට සිය පන්දු බලඇණිය සූදානම් කරමින් එරට වේගපන්දු උපදේශක ජේම්ස් ඇන්ඩර්සන් පැවසුවේ බ්‍රයිඩන් කාර්ස්, පොට්ස් වැනි ක්‍රීඩකයින්ට මුල්තාන් තණතිල්ල වාසිදායක විය හැකි බවත් දඟ පන්දු යවන්නන් හට වඩාත් කදිම විය හැකි බවයි.

කෙසේවෙතත් එංගලන්ත කණ්ඩායම තරග තුනකින් සමන්විත පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගය ඉනිමකින් ජයගත් අතර මෙම තරගය වඩාත් ජයග්‍රහණය තීරණාත්මක සාධකයක් දෙපාර්ශ්වයටම නිර්මාණය කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?