AFC Banner
Empty Ad
Empty Ad

දෙමටගොඩ රුවන්ගේ පවුලේ සියලු දෙනාට මුදල් විශුද්ධිකරණ පනතෙන් නඩු

දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වු දෙමටගොඩ රුවන් ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනාට මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

නීතිවිරෝධී හා අයථා මාර්ගවලින් උපයා ගත් මුදල්වලින් මිල දි ගත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් වාහන සහ රන් ආභරණ සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ එම නඩු පැවරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දෙමටගොඩ රුවන්, ඔහුගේ බිරිඳ, පුත්‍රයා සහ ඔහුගේ සහෝදරියට එරෙහිව නඩු පවරා තිබෙනවා.

වසර 10ක කාලයක් පුරා නීතිවිරෝධී ක්‍රියාවලින් උපයා ගත් අති සුඛෝපභෝගී වාහන මිල දී ගෙ⁣න ඇති බව ද නීතිපතිවරයා එම නඩුවල සඳහන් කර ඇති බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?