දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ පුංචි යුද්ධයක්

දුම්රිය දෙපාර්තමේන්තුව සතු දෙමටගොඩ ධාවනාගාරය වෙත ඇතුල වී සිටි සොරුන් තිදෙදෙනෙකු අල්ලා ගැනීමට ප්‍රධාන ආරක්ෂක නිලධාරින් සමත් වී තිබෙනවා.

මෙහිදී ආරක්ෂක නිලධාරියකු සතු ගිනි අවියක් පැහැරගෙන පැනයාමට උත්සාහ කරමින් සිටියදී ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අහසට වෙඩි තබා ඔවුන් මෙල්ල කර අල්ලා ගැනීමට සමත් වී තිබෙනවා.

අක්කර 54 ක් වූ දෙමටගොඩ දුම්රිය ධා වනාගාරය වෙත පැමිණෙන සොරුන් එහි ඇති විවිධ දෑ සොරා ගැනීමට කාලයක් තිස්සේ පුරුදුව සිට තිබේ. ඒ ආකාරයට ඇතුළු වූ සොරුන් තිදෙනකු මෙහි සිටින බව දැනගැනීමෙන් පසු දුම්රිය ආරක්ෂක නිලධාරීන් ඔවුන් වටලා තිබේ.

මේ පිරිස සොරා ගෙන තිබූ ඩීසල් ,දුම්රිය අමතර කොටස් හා තඹ කම්බි ද රැගෙන පළා යාමට උත්සාහ කිරීමේදී දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට හසුවන බව දැන එම නිලධාරීන් සතු ගිනි අවියක් පැහැර ගැනීමට උත්සාහ දරා තිබේ. පැය දෙකක් පමණ මෙම සොරුන් තිදෙනා මෙල්ල කිරීමට උත්සාහ කළ ද එක් අයෙකු පැනගොස් තිබේ.

අත්අඩංගුට ගෙන ඇත්තේ ගම්පහ පදිංචිකරුවකු හා මරදාන පදිංචි කරුවකි. මොවුන් වරින් වර පැමිණ දුම්රිය අංගනයේ විවිධ දෑ සොරා ගැනීමට පුරුදු වූ අය බව හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දෙමටගොඩ පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?