දොරටියාව පොලිස් වසමේ කුරුණෑගල – දඹුල්ල ‘ඒ-06’ මාර්ගයේ කුරුණෑගල උතුරු ඩිපෝව අසල දී දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ කැබ් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, පසුපස අසුනේ ගමන් ගත් දෙදෙනකු හා යතුරුපැදියේ පැදිකරු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී ත්‍රීරෝද රථයේ රියදුරු හා පසුපස අසුනේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.
මරණකරුවන් වයස අවුරුදු 37 හා 43 වියෙහි පසුවන ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මෙම අනතුර සිදු කළ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු බීමත්ව රිය පදවා ඇති බවයි හෙළි ව ඇත්තේ.