දෙකෝටි පනස් ලක්ෂයක කුෂ් මෙරටට ගෙනා විදෙස් ජාතික යුවලක් අල්ලයි

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශික යුවළක්, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන යාමට තැත් කරමින් සිටියදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් ඉන්දීය ජාතික විවාහක යුවළක් බවයි වාර්තා වන්නේ.

සැකකාර සැමියා 32 හැවිරිදි අයෙක් වන අතර බිරිඳ 29 හැවිරිදි අයෙක්.

ඔවුන් ඩුබායි සහ ඉන්දියාව අතර ව්‍යපාරික කටයුතුවල නිරත වී සිටින්නන් බව රේගු නිලධාරීන් මූලික විමර්ශනවල දී අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරුවන් මෙරටට ගෙන ආ කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 400ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගය, පිටතට එහි ගන්ධය නොපැතිරෙන ආකාරයට පොලිතීන් ආවරණ යොදා ඇසුරුම් කර, ඒවා ලී පෙට්ටි තුළ අසුරා, ඒ මත රෙදි ආවරණයක් සිදු කර, ඒවා මත මත්ද්‍රව්‍ය ඉවකර හඳුනා ගන්නා සුනඛයන් නොමග යැවීම සඳහා කපුරු කුඩුකර ආලේප කර තිබියදී සොයා ගැනුණා.

මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම්, ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු දෙකෙහි, දෙපස ඉතා සූක්ෂ්ම ලෙස ගම් යොදා අලවා, යළිත් ඇණ ගසා, තවදුරටත් ගමන් මළු තුළ සොයාගත නොහැකි වන ආකාරයට සකස් කර තිබී ඇති බවයි පැවසෙන්නේ.

සැකකරුවන් මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන අද (17) දින දහවල් 11.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට , තිබුණා.

අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා සහ ඔවුන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02