රුපියල් දෙකෝටි එකොළොස් ලක්ෂ හැට දහසක් වටිනා, කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සහ ඔහු සමඟ එම මත්ද්‍රව්‍ය තොගය මන්නාරම ප්‍රදේශය වෙත රැගෙන යාමට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද (06) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ගුවන් මගියා මනිපායි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර, ඔහු නිතර නිතර ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරිකයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
ඔහු අද (06) අලුයම 12.35ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි වූ ව්‍යාජ පතුලක මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 116ක් පැකැට් දෙකකට අසුරා සඟවා ගෙන රැගෙන ඇවිත් තිබුණා.
මොහු අත් අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ ප්‍රශ්ණ කිරීම්වල දී , මෙම මත්ද්‍රව්‍ය තොගය මන්නාරම ප්‍රදේශය වෙත රැගෙන යාම සදහා තවත් පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව නගරයේ සුපිරි වෙළඳසැළක් අසළ රැදී සිටින බවට කරුණු අනාවරණය වීමත් සමඟ ඔවුන් දෙදෙනා ද කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඉන් එක් අයෙකු එම ප්‍රදේශයේ කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කරන 43 හැවිරිදි අයෙක් .
අනෙක් පුද්ගලයා 36 හැවිරිදි රියැදුරෙන් බවයි අනාවරණය එඉ ඇත්තේ.
මොවුන් තිදෙනා අද (02) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



