දෙකොන ඇවිලෙන කාශ්මීරය

ලෝකයේ භයානකම භූමී ප්‍රදේශයන්ගෙන් එකක් ලෙස පාකිස්තාන පාලනය යටතේ පවතින ජම්මු කාශ්මීර කොටස හැඳින්වීමේ වරදක් නැහැ.

නිරන්තර ප්‍රහාරවලට ලක්වන මෙම කලාපයේ ජන ජීවිතය මුලුමනින්ම අස්ථීර එකක්.

එවැනි පරිසරයක වෙසෙන ජනතාව සමස්තයක් ලෙස පාකිස්තානය මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේදී දරුණු බලපෑමකට ලක්වීම අරුමයක් නොවෙයි.

විටින් විට එම පීඩනය පුපුරා යන්නේ විවධ ස්වරූපවලින්.

ඉහළ යන ජීවන වියදමට විසඳුම් සලසන ලෙස පාකිස්තාන රජයට බලකිරීමේ සාමකාමී පෙළපාලියක් පසුගිය සති අන්තයේ දී ජම්මු කාශ්මීරයේ මුසාෆරාබාද්හි පැවැත්වුණා.

තිරිගු පිටි සහනාධාරය සහ බදු නොමැතිව විදුලිය ලබාදීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් වනවා.

මෙම සාමකාමී පෙළපාලිකරුවන්ට පොලිසිය පහරදීම හේතුවෙන් දැඩි නොසන්සුන්තාවක් හට ගෙන තිබෙනවා.

පෙළපාලිය සංවිදාන කළ අවාමි ක්‍රියාකාරී කමිටුව පවසන්නේ මර්දනයට එරෙහිව තවදුරටත් සංවිධානගතව ඉදිරි ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි.

පහරදීමට විරෝධය පළ කරමින් මුසාෆරාබාද්හි හර්තාලයක් කැඳවා තිබෙනවා.

වෙළෙඳසැල් මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් ද වසා දැමීමෙන් අකර්මන්‍ය වූ නගරයේ ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම හැර වෙන යමක් සිදුව නැහැ.

වර්ජන හා හර්තාල් ක්‍රියාමාර්ග මේ වන විට අසල්වැසි දාඩියල්, මීර්පූර් වැනි නගරවලට ද ව්‍යාප්ත වී තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් හට ගෙන ඇතැයි ද සඳහන්.

සාමකාමී පෙළපාලිකරුවන්ට එරෙහිව පකිස්තානයේ ආරක්ෂක හමුදා අධික බලය යෙදවූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළා.

නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව කඳුළු ගෑස් ප්‍රහාර මෙන්ම වෙඩි තැබීම් ද සිදුව ඇතැයි එම වාර්තාවල සඳහන්.

ආරක්ෂක අංශ නිවාස වෙත කඩා වදිමින් විරෝධතාකරුවන් සහ අවාමි ක්‍රියාකාරි කමිටුවේ සාමාජිකයන් අත්අඩංගුවට ගනිමින් සිටින බව වාර්තා වනවා.

ජල විදුලි නිෂ්පාදනයේ පිරිවැයට සාපේක්ෂව විදුලි මිලක් තීරණය කරන ලෙස ඉල්ලා පසුගිය වසරේ මැද භාගයේ පටන් කාශ්මීරයේ පාකිස්තාන පාලිත ප්‍රදේශවල විටින් විට උද්ඝෝෂණ, විරෝධතා සහ හර්තාල් ක්‍රියාත්මක වුණා.

සාකච්ඡා වට ගණනාවකට පසුවත් ඊට විසඳුමක් නොලැබීම හේතුවෙන් නව විරෝධතා රැල්ලක් කාශ්මීරය පුරා පැතිර යමින් තිබෙනවා.

අතීත සිද්ධීන්වලට අනුව නම් මෙවැනි විරෝධතා රැළි අවසන් වන්නේ මහා ලේ වැගිරීම්වලින් අනතුරුවයි.

ඉන් කලාපයේ ජන ජීවිතය තවත් පසුපසට යනවා මිස සුවපහසු වන්නේ නැහැ.

කාශ්මීරයේ පාකිස්තාන පාලිත ප්‍රදේශයේ පවතින මෙම අස්ථාවරත්වය ඉහළ සංචාරක ආකර්ෂණයක් ලැබෙමින් තිබෙන ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීර කලාපයට ද බරපතල අවදානමක් ඇති කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40