spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුෂ්‍යන්ත වීරමන් කියන කතාව

ජනප්‍රිය කලාකරුවෙකු වන දුෂ්‍යන්ත වීරමන් තම ෆේස්බුක් ගිණුමෙහි දක්වා තිබුණු සටහන මෙසේයි

රනිලට acting ජනපති පුටුවේ ඉන්න නම් ගෝටා මෙරටින් පිට සිටිය යුතුය. ගෝටව පිට රට තියන්න අරගලය තිබිය යුතුය. අරගලය තියෙන්න රටේ මිනිස්සුන්ට එදිනෙදා වැඩ නැති විය යුතුය. එදිනෙදා වැඩ නැති වෙන්න රටේ බල ශක්තිය නැති විය යුතුය. බල ශක්තිය නැතිවෙන්න රටේ තෙල් නැති විය යුතුයි. රටේ තෙල් නැතිවෙන්න ‍CEYPETCO බංකොලොත් වී IOCද තෙල් නොදී සිටිය යුතුයි. IOC එකෙත් තෙල් නැතිවෙන්න ඉන්දියාව ඊට කටයුතු කල යුතුය. ඉන්දියාව shape කරගන්න රනිල් කටයුතු කල යුතුය.

රනිල් ඉන්දියාව shape කරගතහොත් IOC එකෙන් ලංකාවට තෙල් එයිද? තෙල් ආවොත් රටේ බල ශක්තිය පිරිමැහෙයිද? බලශක්තිය තිබුනොත් මිනිස්සු වැඩට යයිද? වැඩට ගියොත් අරගලය හීන වෙයිද? අරගලය හීන වුනොත් ගෝටා නැවත් මෙරටට එයිද? ගෝට නැවත අවොත් රනිල්ට මොකද වෙයිද?

රනිල් මේ ගේම කොහොම ගහයිද? ඔබ රනිල් ගහන ගේමකට සහය දෙනවද කකුලෙන් අදිනවද? උත්තර දීමට අපහසු නම් ඊට හේතු බොහෝය. රනිල් යනු කිසිම කෙනෙකුට ලෙන්ගතුකමක් ඇති නොවන කෙනෙකි. ඔහු වැඩ්ඩෙක් මොල කාරයෙක් කියන සැනින් ඔහුත් කියන තරම් Mr.clean නොවන දේශපාලන මිනීමැරුම් වලට පවා සම්බන්ධ ‍යැයි සමහරු කියති. හැබැයි ඉතින් රට ගොඩදාන්න තරම් විදේශ සබදතා ඇති international පොරකි කියලත් කියැවේ!

රනිල් යනු විටෙක ඉතා අසාර්තක නමුත් විටෙක ඉතා සාර්තක දේශපාලන ජීවිතයක් ලද කෙනෙක් බව කිව හැකිය. බොහෝවිට දේශපාලනයෙන් පරාජවුනු නමුත් හය වතාවක් අගමැති කම ජයග්‍රහණය කල කෙනෙක් වූවත් එක වතාවක්වත් පූර්ණ කාලයම අගමැති වීමට නොහැකි වූවෙකි. විටෙක උගතෙක් ලෙස සැලකුනත් ඇඟේ බරට තිරුපති ගිහින් රත්‍රන් පූජ කරන photo ඇත. අගමැති වූ සෑම විටෙකම වාගේ රටට යහපත් දෙයක් කල හැකි වූවත් කිසිම ඇගයීමකට පෙර හය වතාවේම තම අගමැතිකම පූර්ණ කාලය අවසන් කිරීමටවත් නොහැකි වූවෙකි. චන්ද්‍රිකාගේ කාලේ කරුනාව LTTE එකෙන් කඩාගෙන ඒම මහින්ද අවසන් කල යුද්ධයේ සැලකිය යුතු කොටසක් බව කවුරුත් කතා නොකරන සත්‍යයකි. හරියට අප්පුඩියක්වත් ගහගන්න බැරි, සම ලිංගික යැයි සැලකූ රනිල්ව, මංගලගේ “රනිලට බෑ” campaign එක නිසා මහින්ද 2005 උතුරේ චන්ද අඩපන කර නූලෙන් පැරැද්දුවා! ඉතා අසාර්ථක දේශපාලනකාරයෙක් වන රනිල් සති කිහිපයකට උඩදී නැවත අගමැති වුනේ පොරක් වෙලා. නමුත් නැවත දේශපාලනයෙන් පැරදිලා ගේත් පුච්ච ගත්තා.

මේ ඉහත කී රනිල් අද ශ්‍රී ලංකාවේ Acting Presidentය. මා ඉහත කී ඒ game එක ඔහු කොහොම ගහයිද? ඔබ රනිල් ගහන ගේමකට සහය දෙනවද කකුලෙන් අදිනවද? රනිල් මෙතෙක් කල් බලා සිටි ජනාධිපති හීනය සැබෑ නොවීම එය ඔහුගේ Bad Luck එකද, නැත්නම් එය අපේ Bad Luck එකද? නමුත් ජනපති නොවුනත් වැඩ බලන ජනාධිපති හෝ වීම ඔහුගේ පිනද? නැතිනම් මෙවැනි කලෙක මොකා ජනාධිපති වුනත් ඒක උගේ පවද?

මං හිතන්නේ රටේ පින-පව අනුවත් මේ ඔක්කොම තීරනය වෙයි. එහෙනම් මෙතෙක් මේ විකාර කියවපු ඔබට ස්තුති. මෙය හුදෙක් කලබල සිතකට රෑට වෙලාවට නින්ද නොයන නිසා තම අදහස් නිදහසේ ඉදිරි පත් කිරීමට ඇති හැකියාව practice කිරීම මිසක් කාටවත් කඩේ යෑමක් හෝ අපහාස කිරීමට ගත්තු උත්සාහයක් නොවන බව කාරුණිකව දන්වා සිටිමි!

ඔබ සමට ජය!

දු.වී.- 14/7/2022 – 01:35Hrs

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?