අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව අද (15) දිනයේ දී රැකියා සඳහා හෝ වෙනත් යම් අවශ්‍යතාවක් සඳහා දුර බැහැර ප්‍රදේශවලට ගමන් කරන මගී ජනතාව වෙනුවෙන් බස් රථ ධාවනයට පියවර ගෙන ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
සාමාන්‍ය කාල සටහන යටතේ අද සහ හෙට (16) බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළා.
අනිද්දා (17) දිනයේ සිට ගම්බිම් බලා ගිය මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් අද දිනය සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින් කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ මගී අවශ්‍යතාව මත අදාළ දුම්රියන් ධාවනය සඳහා එක්කරන බවයි.