දුර්වල හා වයස්ගත සිරකරුවන් නිදහස් කළ හැකි ක්‍රමවේදයක් ඇමති විජේදාස කියයි

සෞඛ්‍ය සේවා අධක්‍ෂ ජනරාල් වරයාගේ නිර්දේශය මත පත්වන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක නිර්දේශයක් ලැබෙන්නේ නම් සානුකම්පිතව බලා දීර්ඝ කාලයක සිට බන්ධනාගාර ගතව සිටින,වයස්ගතව දුර්වලව සිටින සහ දුර්වල සෞඛ්‍ය තත්වයෙන් පසුවන රැඳවියන් නිදහස් කළ හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

මෙවැනි ඇතැම් පුද්ගලයින් සම්බන්දයෙන් දැනටමත් නිර්දේශ ඉදිරිපත්වී ඇති බවත් එම නිර්දේශ ජනධිපතිවරයා වෙත යොමු කර ඇති බවත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඇමතිවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?