දුර්ලභ සත්ව විශේෂ පිරිපුන් ශ්‍රී පාද රක්ෂිතයේ කඳු යායක ගින්නක්

ශ්‍රී පාද කඳු මුදුන ඉදිරිපිට පිහිටි ශ්‍රී පාද රක්ෂිතයට අයත් කඳු යායක අද (19) දින හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය සහ පවතින තද සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වන්නේ.

​මෙම ප්‍රදේශය දුර්ලභ සත්ව විශේෂ සහ ශාක පද්ධතීන්ගෙන් පිරිපුන් මෙම සංවේදී කලාපය ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ ප්‍රදේශයක්.

පවතින තත්ත්වය හමුවේ මෙම වටිනා පරිසර පද්ධතියට සහ ජීවීන්ට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙන්නේ.

​ගින්න හටගෙන ඇත්තේ ඉතා දුෂ්කර කඳු මුදුනක බැවින්, එම ස්ථානයට ළඟා වී ගින්න නිවීමට මෙතෙක් කිසිදු කණ්ඩායමකට හැකියාවක් ලැබී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !