දුරදිග ගිය ආරවුල කැති පහරෙන් කෙළවර වූ හැටි

කුලියාපිටිය – උඩුබද්දාව ප්‍රදේශයේ දී කැත්තකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

පුද්ගලයින් දෙදෙනෙක් අතර, ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් සිදුවූ ආරවුලක් මත ඊයේ (07) මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා 51 හැවිරිදි උඩුබද්දාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් අතර තුර, මරණකරු විසින් ඝාතනය සිදුකළ පුද්ගලයාගේ නිවසේ දොරට පයින් ගසා ඒ තුළට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී සැකකරු විසින් කැත්තකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදුකළ සැකකරු ඒ සඳහා යොදාගත් කැත්ත ද සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (08) දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?