AFC Banner
AFC Banner
Empty Ad

දුරකථන පැකේජවල ගාන වැඩි කරලා ද ? – මෙන්න ඇත්ත නැත්ත

ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළ වන පුවත් සාවද්‍ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

කිසිඳු දුරකථන සමාගමකට දුරකථන පැකේජවල මිල ගණන් ඉහළ දැමීමට අවසර ලබා දී නොමැති බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී විශේෂ ප්‍රවෘත්ති සකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මේ බව සඳහන් කළා.

පැතිර යන මෙම පුවත සම්බන්ධයෙන් කොමිෂන් සභාව සියලුම දුරකථන සමාගම් වලින් විමසූ බවත්, එලෙස කිසිඳු මිල වැඩි කිරීමක් සිදුකර නොමැති බවට එම සමාගම් විසින් ලිඛිතව දැනුම් දුන් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම යම්කිසි පාරිභෝගිකයෙක් තමා සක්‍රීය කරගෙන ඇති දුරකථන පැකේජයක මිල ඉහළ දැමීමක් සිදුකර ඇත්නම් ඒ පිළිබඳව සාධක සහිතව කොමිෂන් සභාව වෙත දැනුම් දෙන ලෙසයි දන්වා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
27
+1
1
+1
2
+1
5
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?