දුඹුරු සීනි රට යවන්න රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා

දේශීයව නිෂ්පාදනය කරන ලද දුඹුරු සීනි, කාබනික සීනි වර්ගයක් ලෙස අපනයනය කිරීම සඳහා රජය විසින් චීනය, ඉරානය සහ අප්‍රිකානු රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ලෝක වෙළඳපොළ තුළ කාබනික සීනි සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බවත්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද දුඹුරු සීනි කාබනික ප්‍රතිශතයෙන් ඉහළ බවත්, අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී අද (03) යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති බව බව සඳහන් කළා.

දුඹුරු සීනි අපනයනය කිරීමට ගත් පියවර සීනි කර්මාන්තශාලාවල ආදායම ඉහළ නැංවීම සඳහා ගත් විකල්පයක් බව ද ඔහු වැඩිදුටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?