ලංකා සීනි පෞද්ගලික සමාගමේ, නුගේගොඩ පිහිටි ලංකා දුඹුරු සීනි අලෙවිසැල වසා දැමීමක් සිදුකර නොමැති බව එම සමාගම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ, එහි විකිණුම් සේවකයා අසනීප වූ නිසා පසුගිය සෙනසුරාදා අලෙවිසැල වසා තැබුණු බවත්, ඊට පසුදිනට එනම් ඊයේ (01) දිනට ඉරිදා සහ පෝය දිනය යෙදී තිබූ බැවින් එය වසා තැබූ බවයි.
ඒ, අනුව මෙයට වෙනස් අර්ථයක් පළ කරන වෙනත් ඕනෑම ප්‍රකාශයක් අසත්‍ය සහ පදනම් විරහිත බවයි අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.
ලංකා සීනි පෞද්ගලික සමාගමේ, නුගේගොඩ පිහිටි ලංකා දුඹුරු සීනි අලෙවිසැල මේ වනවිට වසා දමා ඇති බවට සමාජ මාධ්‍යයේ විවිධ පුවත් සහ ප්‍රකාශයන් සංසරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
+1
+1



