තුන්සකරියක් දුම්රියේ ගැටී මාරක අනතුරක්

හික්කඩුව, අමරසේන මාවත දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (10) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, දුම්රිය හරස් මාර්ගය හරහා ගාල්ල දෙස සිට ධාවනය කළ ත්‍රිරෝද රථයක් ගාල්ල සිට අලුත්ගම දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුට සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රිරෝද රථයේ දෙදෙනෙකු සිට ඇති අතර, එහිදී තුවල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ පදිංචි අයෙක්වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?