උඩරට දුම්රිය මාර්ගයේ කඩුගන්නාව සහ රඹුක්කන අතර දුම්රිය මාර්ගයේ නාය යෑමට ලක් වූ ස්ථාන ප්‍රතිසංස්කරණය කිරිම සදහා දුම්රිය එන්ජිමක්, දුම්රිය සේවා මැදිරියක් සහ බෝඩි කිහිපයක් මහනුවර දුම්රිය ස්ථානයේ සිට විශේෂ ලොරි රථයකින් පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කිරිමේ කටයුතු අද (03) දින රාත්‍රියේ සිට සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම ලබන සඳුදා දින රාත්‍රියේ දී ද ටොන් 70ක් පමණ බරති දුම්රිය එන්ජිමක් ප්‍රවාහනය කිරිම සදහා ද අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා.
එම දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි සහ බෝඩි පේරාදෙණියේ සිට කඩුගන්නාව දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සදහා භාණ්ඩ ප්‍රවාහනය කිරිමට යොදා ගන්නවා.














පේරාදෙණිය දුම්රිය ස්ථානයේ ඇති දුම්රිය වේදිකාව පහත වැඩියි. ඒවායේ සිට දුම්රියට ගොඩවීමට සහ දුම්රියේ සිට බැසීමට අපහසුයි. මෙය රෝගීන්ට, මහලු අයට සහ කාන්තාවන්ට විශේෂයෙන්ම බලපානවා. මේ ගැන කලිනුත් සඳහන් කර තිබෙනවා.