AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය ධාවනය දින නියමයක් නොමැතිව කල් යයි

හෙට සිට ධාවන ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු ‍දුම්රිය ධාවනය නැවත දැනුම්දෙනතුරු අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ප්‍රකාශ කර සිටිනවා. දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් දුම්රිය ස්ථාන මෙහෙයුම් කාර්ය මණ්ඩල කැඳවීම සිදුකර තිබුණද ඊයේ (19) පෙරවරුවේ එය අවලංගු කර ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීම මත මෙලෙස දුම්රිය ධාවනය අවලංගු කිරීමට සිදුවූ බවයි.

දුම්රිය නැවත ධාවනය වෙනුවෙන් කාලසටහන් සකස් කර අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර තිබුණ ද දුම්රිය දෙපාර්තමේන්තුව ගෙන ඇති එම තීරණය මත හෙට දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය නොවෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉන්ධන අර්බුධයක් නිසා මෙම තීරණය ගෙන ඇති බවට විවිධ පාර්ෂව සැක කළද තම සංගමයට ඒ පිළිබඳ නිෂ්චිත පිළිතුරක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බවත් සංගමයක් ලෙස මෙම තීරණය ගැනීමට හේතුව තවදුරටත් සොයාබලන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දුම්රිය භාවිතයේදී මගීන් අතර දුරස්ථ භාවය ආරක්ෂා කරගැනීම අපහසු වීම මත කෝවිඩ් කමිටුවේ අනුමැතිය තවදුරටත් දුම්රිය ධාවනය සම්බන්ධයෙන් ලැබී නොමැත. කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය රාජකාරී සදහා රැකියා ස්ථානවලට යන අය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ හෝ දුම්රිය වාර කිහිපයක් හෝ පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් මතුව තිබෙන බැවින් ඒ වෙනුවෙන් බළධාරින්ගේ අවධානය යොමු කිරීම අපේක්ෂා කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?