දුම්රිය ධාවනය දින නියමයක් නොමැතිව කල් යයි

හෙට සිට ධාවන ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු ‍දුම්රිය ධාවනය නැවත දැනුම්දෙනතුරු අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ප්‍රකාශ කර සිටිනවා. දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් දුම්රිය ස්ථාන මෙහෙයුම් කාර්ය මණ්ඩල කැඳවීම සිදුකර තිබුණද ඊයේ (19) පෙරවරුවේ එය අවලංගු කර ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීම මත මෙලෙස දුම්රිය ධාවනය අවලංගු කිරීමට සිදුවූ බවයි.

දුම්රිය නැවත ධාවනය වෙනුවෙන් කාලසටහන් සකස් කර අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර තිබුණ ද දුම්රිය දෙපාර්තමේන්තුව ගෙන ඇති එම තීරණය මත හෙට දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය නොවෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉන්ධන අර්බුධයක් නිසා මෙම තීරණය ගෙන ඇති බවට විවිධ පාර්ෂව සැක කළද තම සංගමයට ඒ පිළිබඳ නිෂ්චිත පිළිතුරක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බවත් සංගමයක් ලෙස මෙම තීරණය ගැනීමට හේතුව තවදුරටත් සොයාබලන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දුම්රිය භාවිතයේදී මගීන් අතර දුරස්ථ භාවය ආරක්ෂා කරගැනීම අපහසු වීම මත කෝවිඩ් කමිටුවේ අනුමැතිය තවදුරටත් දුම්රිය ධාවනය සම්බන්ධයෙන් ලැබී නොමැත. කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය රාජකාරී සදහා රැකියා ස්ථානවලට යන අය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ හෝ දුම්රිය වාර කිහිපයක් හෝ පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් මතුව තිබෙන බැවින් ඒ වෙනුවෙන් බළධාරින්ගේ අවධානය යොමු කිරීම අපේක්ෂා කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42