දුම්රිය දැඩි අලාභයක් ලබයි

දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට දිනකට කෝටි 10කට වැඩි අධික අලාභයක් ලබමින් ඇති බවත්, 2021 වසරේ දී එහි ආදායම රුපියල් කෝටි 260ක් වූ අතර අලාභය රුපියල් කෝටි 3,700ක් වූ බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.එම වසරේදී රුපියල් කෝටි 260ක ආදායමක් ලබන විට සේවක වැටුප් හා වේතන ලෙස රුපියල් කෝටි 780ක් සහලා. අතිකාල දීමනා ලෙස කෝටි 230ක් ගෙවන්නට සිදුව ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

කාලයක් තිස්සේ වියදම් වැඩිවීමට සාපේක්‍ෂව ආදායම් නොලැබීමත් නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට විශ්මිත ප්‍රමාණයේ අලාභයක් සිදුව ඇතැයි කී ඇමතිවරයා  දුම්රිය දෙපාර්තමේන්තුව වසරකට කෝටි 4,000ක පමණ අලාභයක් ලබන බව සඳහන් කළේය.

ඒ හේතුවෙන් දුම්රිය ගාස්තු ඉහළ නංවා ඇතත් එය බස් ගාස්තුවලට සාපේක්‍ෂව සියයට 50කින් පමණ අඩු ගාස්තුවක් බවත්, දුම්රිය ස්ථානාධිපතිවරුන් එය අයකරන්නට බෑ කියමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීම වරදක් බවත්, එදින වූ පාඩුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් තමාට ද දෝෂාරෝපණ එල්ල වූ බවත් පැවසීය.ඉන්ධන මිල රුපියල් 121 සිට 400 දක්වා වැඩිවන විට සියලු ප්‍රවාහන ගාස්තු වැඩිවූ බව කී ඇමතිවරයා දුම්රිය ගාස්තු පමණක් වැඩි නොකර පවත්වාගෙන යා නොහැකි බවත්, ඉන්ධන ලබාගැනීමට මුදල් නොමැතිවුවහොත් සේවකයන් හිටියත් දුම්රිය ධාවනය කිරීමට නොහැකි වන බවත් කීවේය.

ඉන්ධන මිල රුපියල් 121 සිට 400 දක්වා වැඩිවන විට සියලු ප්‍රවාහන ගාස්තු වැඩිවූ බව කී ඇමතිවරයා දුම්රිය ගාස්තු පමණක් වැඩි නොකර පවත්වාගෙන යා නොහැකි බවත්, ඉන්ධන ලබාගැනීමට මුදල් නොමැතිවුවහොත් සේවකයන් හිටියත් දුම්රිය ධාවනය කිරීමට නොහැකි වන බවත් කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?