දුම්රියකට තවත් පුද්ගලයෙකු බිලි වෙයි

ඊයේ (02) උදෑසන කටුගස්තොට – නිත්තවෙල ප්‍රදේශයේදී මහනුවර දෙස සිට මාතලේ දෙසට ධාවනය වූ දුම්රියක පුද්ගලයෙකු ගැටී මිය ගොස් තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 34 ක් වන කටුගස්තොට පාර , මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මෘත ශරිරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත . කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .