spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුනුමාලේ සරත් ඝාතන සිද්ධියේ වැදගත් සාක්ෂියක් සොයාගැනේ

දුනුමාලේ සරත් නැමැති අපරාධ කල්ලි සාමාජිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ගමන් මල්ලක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව වෙඩි තැබීම සිදුවූ ස්ථානයට ආසන්න ප්‍රදේශයක වනලැහැබක තිබිය දී මෙම ගමන් මල්ල සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහි තුළ තිබී ජැකට් එකක්, ජංගම දුරකථනයක්, ටී 56 පතොරමක් සහ තවත් අමතර බෑගයක් සොයාගෙන තිබෙනවා.

අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙස සැලකෙන දුනුමාල සරත් නැමැත්තාව වෙඩිතබා ඝාතනය කර තිබුනේ ඊයේ (14) උදෑසන කාලයේ දීයි.

ඔහු කැබ් රථයකින් ගමන් කරමින් සිටිය දී ගලපිටමඩ, දුනුමාලවත්ත ප්‍රදේශයේ දී ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබුණා.

අපරාධ කල්ලි දෙකක් අතර පවතින ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

සිද්ධියට සම්බන්ධ කිසිවෙක් තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
2
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?