දුනුමාලේ සරත් ඝාතන සිද්ධියේ වැදගත් සාක්ෂියක් සොයාගැනේ

දුනුමාලේ සරත් නැමැති අපරාධ කල්ලි සාමාජිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ගමන් මල්ලක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව වෙඩි තැබීම සිදුවූ ස්ථානයට ආසන්න ප්‍රදේශයක වනලැහැබක තිබිය දී මෙම ගමන් මල්ල සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහි තුළ තිබී ජැකට් එකක්, ජංගම දුරකථනයක්, ටී 56 පතොරමක් සහ තවත් අමතර බෑගයක් සොයාගෙන තිබෙනවා.

අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙස සැලකෙන දුනුමාල සරත් නැමැත්තාව වෙඩිතබා ඝාතනය කර තිබුනේ ඊයේ (14) උදෑසන කාලයේ දීයි.

ඔහු කැබ් රථයකින් ගමන් කරමින් සිටිය දී ගලපිටමඩ, දුනුමාලවත්ත ප්‍රදේශයේ දී ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබුණා.

අපරාධ කල්ලි දෙකක් අතර පවතින ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

සිද්ධියට සම්බන්ධ කිසිවෙක් තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
2
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07