දුනිත්ගේ පියාගේ මරණයට හේතුව හෙළිවෙයි

මේ අතර දිගුකාලිනව තිබූ හෘද රෝගී තත්ත්වයක් මත ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ බව මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් පවසනවා.

එමෙන්ම යම් කාල වකවානුක සිට ඔහු අධික රුධිර පීඩන රෝගී තත්ත්වයෙන් පෙළමින් සිට ඇති බවයි මොරටුව හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළේ.

දුනිත් වෙල්ලාලගේගේ පියාගේ මෘතදේහය සම්න්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී අද (19) සිදුකෙරුනා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සුරංග වෙල්ලාලගේ මහතාගේ දේහය පානදුර පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත අද (19) දහවල් රැගෙන ගියා.

හදිසියේ ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (18) රාත්‍රියේ ඔහු මියගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
0
+1
1
+1
82
+1
7
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?