දුනිත්ගේ පියාගේ මරණයට හේතුව හෙළිවෙයි

මේ අතර දිගුකාලිනව තිබූ හෘද රෝගී තත්ත්වයක් මත ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ බව මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් පවසනවා.

එමෙන්ම යම් කාල වකවානුක සිට ඔහු අධික රුධිර පීඩන රෝගී තත්ත්වයෙන් පෙළමින් සිට ඇති බවයි මොරටුව හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළේ.

දුනිත් වෙල්ලාලගේගේ පියාගේ මෘතදේහය සම්න්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී අද (19) සිදුකෙරුනා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සුරංග වෙල්ලාලගේ මහතාගේ දේහය පානදුර පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත අද (19) දහවල් රැගෙන ගියා.

හදිසියේ ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (18) රාත්‍රියේ ඔහු මියගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41