දුන්හිඳ බස් අනතුරින් මියගිය තිදෙනා අතර 14 හැවිරිදි දැරියක්

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයේ පෙරළීයාමෙන් ඊයේ (21) මාරාන්තික අනතුරක් සිදුවුණා.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

අනතුරින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 34 දෙනෙකු තුවාල රෝහල් ගත කෙරුණා.

මේ අතර මෙම අනතුරින් මියගිය තිදෙනා අතර පාසල් දැරියක් ද සිටින බවයි වාර්තා වුණේ.

14 හැවිරිදි වියේ පසු වූ මෙම දැරිය එප්පාවල, බටුවත්ත, මීගස්සෑගම ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙනවා.

සිහත්මා දිනාරා නැමැති මෙම දැරිය දියණියන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දියණිය බවයි වාර්තා වුණේ.

මෙම දැරිය සිය මව සමඟ මෙම විනෝද චාරිකාව සඳහා පැමිණ ඇති අතර, ඇයගේ මව අනතුරින් සුළු තුවාල ලබා තිබෙනවා .

මේ අතර දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ අද (22) පස්වරුව වන විටත් දැරියගේ දේහය නිවසට ගෙන විත් නොතිබූ බවයි.

මේ අතර මෙම අනතුරින් මියගොස් ඇති අනෙක් දෙදෙනා වන්නේ, තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි කුසුමාවතී නැමැති 66 හැවිරිදි තිදරු මවක් සහ එම ප්‍රදේශයේම පදිංචිව සිටි ජයතිස්ස නැමැති 42 හැවිරිදි දෙදරු පියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
15
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10