Empty Ad
AFC Banner
Empty Ad

දීඝදන්තු 01 හස්තියාගේ දළ යුගළය සහ හිස සංරක්ෂණය කිරීමට පියවර (ඡායාරූප)

ගල්කිරියාගම, හිඟුරුවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මිය ගිය දීඝදන්තු 01 හස්තියාගේ දළ යුගළය සහ හිස කොටස සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව එම සතවයාගේ හිස කඳෙන් වෙන්කර ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙනයාමට වනජීවී නිලධාරීන් ඊයේ (29) රාත්‍රියේ කටයුතු කරනු ලැබුවා.

සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දළ යුගළය සහිත හිස කොටස කඳෙන් වෙන් කර ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙන ගිය එම හිස කොටස ආරක්ෂිතව වළ දැමීමට කටයුතු කර තිබෙනවා.

හස්තියාගේ දළ යුගළය ආරක්ෂිතව ගලවා ඉවත් කිරීම සඳහා එම හිස කොටස ඉදිරියේ දී නැවත ගොඩගැනීමට නියමිත බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

මේ අතර දීඝදන්තු 01 හස්තියාගේ ඊයේ (29) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී උදරයේ තිබී රුපියල් 10 කාසියක් සොයාගැනීමට මරණ පරීක්ෂණය කළ නිලධාරීන්ට හැකිව තිබෙනවා.

මෙම සතවයාගේ මරණය විදුලි සැර වැදීමක් හේතුවෙන් සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය මඟින් තහවුරු වූ බවයි අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.08
02:59:28
Video thumbnail
BREAKING NEWS 🔴සාවස්තිපුර බිහිසුණු රිය අනතුර
02:35
Video thumbnail
කාන්තා දිනයේ රෝහිණී කවිරත්න ඩෙගා නටයි - නලින්ද - තිස්ස කුට්ටි - සුසිල් ෆ්ලැට් කරලම දායි
15:19
Video thumbnail
උත්සව සමයේ නැවත ඉහළ යන බිත්තරය...
05:31
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රධාන පෙළේ Night Club එකකට මැර ප්‍රහාරයක්
01:33
Video thumbnail
ජවිපේ අඳුරු අතීතය සහ ආගමනය ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
20:05
Video thumbnail
නාමල්ගේ පිබිදීමක් නෑ - සමහර මාධ්‍ය වලින්නාමල්ව පුම්බලා තියෙන්නේ
07:41
Video thumbnail
KASTHIRAMA | ජාතික ජන බලවේගයේ චන්ද්‍රමාලි පෙරේරා සහ සමගි ජන බලවේගයේ නිරෝෂා අතුකෝරාළ සහභාගීවන කස්තිරම
01:22:59
Video thumbnail
මාධ්‍යවේදීයෙකුට ජීවිත තර්ජනය කරපු ව්‍යාපාරිකයගේ සියලුම පැටිකිරිය මෙන්න - වැඩේට පොලීසියත් හවුල් ?
07:26
Video thumbnail
රටක තීරණ ගන්න තැන කාන්තාව සිටිය යුතුයි
00:23

?