ඉදිරි පැය 24 කාලයකට බලපැවැත්වෙන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ රත්නපුර සහ කලුතර දිස්ත්රික්ක දෙක සඳහායි.
අද (13) පස්වරු 03.30 ට නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව කලුතර දිස්ත්රික්කයේ ඉංඟිරිය , බුලත්සිංහල, වළල්ලාවිට , පාලින්ද නුවර සහ දොඩංගොඩ ප්රදේශවල නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ඇහැළියගොඩ, කුරුවිට , රත්නපුර , ඇළපාත , අයගම, කිරි ඇල්ල , පැල්මඩුල්ල , කලවාන , නිවිතිගල යන ප්රදේශවලද නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බවයි













