දිවයිනේ පාසල් සිසුන් රැසකට කො​රෝනා

දිවයිනේ පාසල් කිහිපයක ළමුන් කිහිපදෙනකුට කොවිඩ් ආසාදිත වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

බෙන්තොට, මහඔය නුවරගලතැන්න, අනුරාධපුර ප්‍රදේශවල පාසල් ළමුන්ට මෙලෙස කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

බෙන්තොට ප්‍ර‍දේශයේ ජාත්‍යන්තර පාසලක නේවාසිකාගාරයේ සිටි සිසු සිසුවියන් දාහත් දෙනෙකුට (17) කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත.

ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වැඩබලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් සංජිව ප්‍රකාශ කළේ ඊයේ (08) සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින්ද මෙම ළමුන්ට කොවිඩ් අසාදිත බවට තහවුරු වූ බවය.

මේ වන විට එම ළමුන්ගේ ආශ්‍රිතයන් තිස්දෙනකු පමණ නිරෝධායනය කිරීමට පියවරගෙන ඇත.

මෙම ළමුන් අලුත්ගම, ඌරගස්මංහන්දිය සහ කොස්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර මහඔය අධ්‍යාපන කලාපයට අයත් නුවරගල විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන් දෙදෙනකුට කොවිඩ් අසාදිත වී ඇති බවට තහවුරු වී ඇත.

මේ හේතුවෙන් එම ළමුන් සිටි පන්තිවල ඉගැන්වීම් කටයුතු තාවකාලිකව නතර කිරීමට බලධාරින් පියවර ගෙන තිබේ.

එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් පනහක පමණ සිසුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට කොවිඩ් ආසාදිත වී ඇති බවට ලංකා ගුරු සංගමය අනාවරණය කරයි.

එසේම එම දිස්ත්‍රික්කයේ ප්‍රාථමික අංශයේ ළමුන් රැසකටද කොවිඩ් අසාදිත වී ඇති බව මෙම සංගමය පවසයි.

මේ හේතුවෙන් පාසල් ළමුන් සහ සෙසු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

වරුණි පෙරමුණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් ඒකාධිකාරියක් ගොඩනැගිලා තියෙන්නේ..ඉන්ධන බෙදාහැරීම් 50%ක ප්‍රමාණයක් අඩුවෙලා
03:34
Video thumbnail
JNP එක සජිත්ට සැරටම දෙසයි..සජිත් බිංකුණ්ඩෙක් වගේ කෙනෙක්..පියාණෝ ගැන කියෙව්වට වැඩක් නෑ.
06:26
Video thumbnail
හවස 4 වෙනකල් එළියට බහින්න නම් එපා..උණුසුම තවත් ඉහළට
06:16
Video thumbnail
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නැහැ..අපි ඇදගෙන යනවා..බය වෙන්න එපා
07:04
Video thumbnail
බිමල්ගේ හඬ පටයක් පෙන්නලා කාමන්ත කට උත්තර නැතිවෙන්න කියයි..ගල් අඟුරු දූෂණයට බිමල් අනුබල දුන්නා ?
03:39
Video thumbnail
අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති අයුරු
00:26
Video thumbnail
මරික්කාර් හදිසියේම ලයිව් ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ.."හොරකම පිළිගන්න හුරතල් වෙන්නේ නැතුව"
06:23
Video thumbnail
සම්බා, කීරි සම්බා හිඟය ගැන විශේෂ හෙළිදරව්වක්..අපි වැටලීම් අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා
03:38
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56