දිවයිනට පැමිණි පසු නිවෙස් නිරෝධායනය ලබා දෙන්නැයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්

විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට යොමු කරන්නැයි විවිධ පාර්ශව රජයෙන් ඉල්ලීමක් කරනවා. එලෙස පැමිණෙන ඇතැම් ශ්‍රී ලාංකිකයින් ද නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන නිර්ණායකයන්ට අනුව තමන්ට නිවෙස් තුළ නිරෝධායනය වීමටද හැකි බවයි. දැනට ශ්‍රී ලංකාවේ වසා දමා ඇති සිය නිවෙස් නිරෝධායනය සදහා පහසුවෙන්ම යොදා ගැනීමට හැකි බවද එම ශ්‍රී ලාංකිකයින් කියාසිටියා. එම නිවෙස්වල සෞඛ්‍ය ආරක්‍ෂිතව නිරෝධායනයට යොමු විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළා. එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියාසිටියේ මෙතෙක් එවැනි තීරණක් ගෙන නොමැති බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළේ විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රමිකයින්ට අවශ්‍ය නිරෝධායන ක්‍රියාවලියේදී ඔවුන්ගේ නිවෙස්වල ඉඩ පහසුකම් අනුව අවසර ලබා දිය හැකිද යන්න පිළිබඳව  ජනාධිපති කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරන බවයි. මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 32,000ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 22,483 දෙනෙක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවනවා. 

මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නා ලෙසද අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාල බලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?