දිවයිනට පැමිණි පසු නිවෙස් නිරෝධායනය ලබා දෙන්නැයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්

විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට යොමු කරන්නැයි විවිධ පාර්ශව රජයෙන් ඉල්ලීමක් කරනවා. එලෙස පැමිණෙන ඇතැම් ශ්‍රී ලාංකිකයින් ද නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන නිර්ණායකයන්ට අනුව තමන්ට නිවෙස් තුළ නිරෝධායනය වීමටද හැකි බවයි. දැනට ශ්‍රී ලංකාවේ වසා දමා ඇති සිය නිවෙස් නිරෝධායනය සදහා පහසුවෙන්ම යොදා ගැනීමට හැකි බවද එම ශ්‍රී ලාංකිකයින් කියාසිටියා. එම නිවෙස්වල සෞඛ්‍ය ආරක්‍ෂිතව නිරෝධායනයට යොමු විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළා. එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියාසිටියේ මෙතෙක් එවැනි තීරණක් ගෙන නොමැති බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළේ විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රමිකයින්ට අවශ්‍ය නිරෝධායන ක්‍රියාවලියේදී ඔවුන්ගේ නිවෙස්වල ඉඩ පහසුකම් අනුව අවසර ලබා දිය හැකිද යන්න පිළිබඳව  ජනාධිපති කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරන බවයි. මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 32,000ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 22,483 දෙනෙක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවනවා. 

මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නා ලෙසද අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාල බලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?