දිල්ෂාන් මදුසංකට හෙට ජාත්‍යන්තර ටෙස්ට් වරම් ?

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුසංකට හෙට ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට තොරතරු වාර්තා වනවා.

දිල්ෂාන් හෙට සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළහොත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යනතර ටෙස්ට් වරම් හිමිකර ගත් 164 වැනි ටෙස්ට් ක්‍රීඩකයා වනු ඇති.

මේ අතර සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ හෙට (24) ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කැඳවනු ලැබුවා.

මෙම තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නම් කොළඹ SSC ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී හෙට ආරම්භවන දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්ය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?