දිල්ලිවරුන්ට ලකුණු 14ක පරාජයක්

කොල්කටා නයිට් රයිඩර්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර ඊයේ (29) පැවති තරගයෙන් ලකුණු 14ක විශිෂ්ට ජයක් අත්පත් කරගන්නට කොල්කටාවරුන් සමත් වුණා.

දිල්ලි නුවර දී ඇරඹුණු මෙම තරගයේ කාසියේ වාසිය හිමිවූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමටයි.

ඒ අනුව ඔවුන් පළමු ව පන්දු රැකීම තෝරාගත්තා.

සිය ප්‍රතිවාදීන්ගේ ඇරයුම පිළිගත් කොල්කටාවරුන් ලකුණු 204ක ලකුණු පුවරුවක් ගොඩනැගුවේ කඩුලු 09ක් දැවීයි.

අන්ග්ක්‍රිෂ් රගුවන්ෂි ලකුණු 44ක් ලබාගත්තා.

සුනිල් නරීන් ලකුණු 27ක් සහ ලකුණු 26 බැගින් අජින්ක්‍යා රහනේ සහ ගුර්බාස් ලබා ගැනීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී දිල්ලිවරුන් වෙනුවෙන් මිචෙල් ස්ටාක් කඩුලු 03ක්, විප්‍රාජ් නිගම් සහ අක්සාර් පටෙල් කඩුලු 02ක බැගින් සහ එක් කඩුල්ලක් දුෂ්මන්ත චමීරට හිමිවුණා.

ජයග්‍රහණයට ලකුණු 205ක ඉලක්කයක් හඹා ගිය දිල්ලිවරුන් කඩුලු 09ක් බිඳ වැටෙමින් තිබියදී නියමිත පන්දුවාර 20 අවසන් වීම මත ලකුණු 190ක් ලබා සිටියදී ප්‍රතිවාදීන් තරගය ජය ගත්තා.

ෆා ඩු ප්ලෙසිස් ලකුණු 62ක් සහ අක්සාර් පටෙල් ලකුණු 43ක් ලබා ගත්තා.

විප්‍රාජ් නිගම් ලකුණු 38යි.

කඩුලු බිඳ දැමීමේ දී සුනිල් නරීන් කඩුලු 03ක්, වරුන් චක්‍රවර්ති කඩුලු දෙකක් සහ එක් කඩුල්ල බැගින් අනුකුල් රෝයි, වෛභව් අරෝරා සහ ඇන්ඩෘ රසල් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය පිත්තෙන් සහ පන්දුවෙන් වැඩ දැමූ සුනිල් නරීන් විසින් දිනා ගනු ලැබුවා.

මෙම තරග පරාජයත් සමග දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි තැනත්, කොල්කටාවරුන් එම ලැයිස්තුවේ හත්වැනි ස්ථානයත් හිමිකරගෙන සිටිනවා.

මේ අතර අද (30) චෙන්නායි හි දී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කින්ග්ස් අතර තරගය පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10