දියේ ගිලී පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස මියයයි

පිටිගල බංගමුකන්ද ගොඩාමුණ හරහා ගලා බසින කලුදිය පොකුණේ ඇලට වැටි පුද්ගලයෙකු මියගොස් තිබේ. බංගමුකන්ද ගොඩාමුණ ප්‍රදේශයේ පදිංචි ප්‍රමෝද් මධුශංක යන පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබේ.

ඇල මාර්ගය ආසන්නයේ ඔහුගේ මහගෙදර පිහිටා ඇති බවත් එම නිවසට යාමට ඇති පාලම ගංවතුර තත්වය හේතුවෙන් යටවි තිබි ඇති අතර , මියගිය අය යතු රු පැදියෙන් ඒ හරහා ගමන් කිරිමට යාමේදි යතුරු පැදිය ලිස්සා යාමෙන් ඇලට වැටි ජල පහරට ගසාගෙන ගොස් මෙම අනතුර සිදුවි ඇති බවට තොරතුරු අනාවරණය විය .

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 29 හැවිරිදි එක් දරු පියෙකි .

ඔහුගේ මෘත ශරිරය සිද්ධිය වු ස්ථානයේ සිට කි.මි .1 / 2 ක් පමණ දුරක් ගසාගෙන ගොස් ගල් දෙකක් අතර සිරවි තිබි හමුවී තිබේ.

9268d89a 86a8 46d4 a3f1 6a1a8a9de4ef


අපගේ නවතම වීඩියෝ පුවත්