දියණියට බෙහෙත් ගෙනෙන්න යද්දි වනඅලියෙකුට ජීවිතය දුන් පියා

වනඅලියෙකු සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ; එප්පාවල පොලිස් වසමේ නල්ලමුදාව, කොලොංගස්හංදිය ප්‍රදේශයේදීයි.

එප්පාවල – නල්ලමුදාව පදිංචි ඩී. සාලියරත්න නම් 52 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

ඊයේ (13) පස්වරු 7.00 ට පමණ සිය 06 හැවිරිදි දියණියට බෙහෙත් ගෙන ඒම සඳහා , බිරිඳ ද සමගින් යතුරුපැදියෙන් එප්පාවල දෙසට ගමන් කරමින් සිටියදීයි මාර්ගයේ රැඳී සිටි වනඅලියකුගේ පහරකෑමට ලක් ව ඇත්තේ.

බිරිඳ සහ දියණිය දිවගොස් බේරී ඇති අතර යතුරුපැදිකරු වනඅලියාට ගොදුර ව තිබෙනවා.

වනඅලියා පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55