දියණියගේ ප්‍රේමයට විරුද්ධ වූ පියා දියණියව ඝාතනය කරලා

දියණියගේ ප්‍රේම සම්බන්ධයට විරුද්ධ වූ පියෙක් විසින් දියණිය ඝාතනය කර එම මරණය සියදිවි හානිකරගැනීමක් බවත් පෙන්වීමට උත්සාහ කළ පියෙක් අත්අඩංගුවට ගැනුණු පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

තම දියණිය වෙනත් කුලයක තරුණයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යාමට විරෝධය පා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම සිදුවීම පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මෙලකුන්ඩා ප්‍රදේශයේ දී සිදුව ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 18ක තරුණියක්.

18 හැවිරිදි තරුණියක් සියදිවි නසාගෙන මියගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ආරක්ෂක අංශ එහි ගොස් විමර්ශන අරඹා ඇති අතර, එහිදී ඇති වූ සැකය මත තරුණියගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාට දියණියන් පස්දෙනෙකු සිටින අතර, මෙම දියණියගේ වෙනත් කුලයක තරුණයෙකු සමඟ පැවති සම්බන්ධය විවාහාවීමට සිටින අනෙක් දියණියන් තිදෙනාගේ විවාහවලට බලපානු ඇතැයි සිතා ඊට විරුද්ධ වී මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ඔහු දියණියගේ ගෙළ සිරකර ඝාතනය කර පසුව එය සියදිවි හානිකරගැනීමක් බවට පෙන්වීමට ඝාතනයට ලක්වූ තරුණියගේ මුඛයට කෘමිනාශක වත්කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම ඝාතනයට තවත් ඥාතීන් දෙදෙනෙක් සම්බන්ධ බවට සැකයක් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
6
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ඉදිරියේදි කාළගුණයෙන් වෙන්න ‍යන බලපෑම..රතු නිවේදන දෙන හැම තැනකින්ම ඉක්මනින් ඉවත් වෙන්න..
03:58
Video thumbnail
ජනපති ඇතුළු පාපිසි 159ටම හිරේ යන්න වෙනවා
08:03
Video thumbnail
දිට්වා හානි කළ දේපළ වෙනුවෙන් වන්දි ලබා දීමට විශේෂ වැඩපිළිවෙලක්
05:20
Video thumbnail
ජනාධිපතිතුමා සත්‍යයට බයයි - මර්දනය කරන්න හදනවා
05:17
Video thumbnail
රාජ්‍ය නිළධාරින් මැලි වීම ගැන හදුන්නෙත්ති කනස්සලු වෙයි..
03:33
Video thumbnail
පුත්තලම බේලි පාලම බලන්න යුද හමුදාධිපති එයි
01:39
Video thumbnail
මිලියන 250 විතරක් අරගෙන හිනාවෙල ඉන්න එපා..දැන්වත් විහිළු කරන එක නවත්තලා මිනිස්සු ගම්වලට යවන්න
08:49
Video thumbnail
කලා වැවේ ජල මට්ටම ඉහළට..අවුකන පාලම හා හඳුන්ගමුව පාලමත් ජලයෙන් වැසී ගිහින්
01:36
Video thumbnail
හැමෝම ෆුල් හොල්මන් වුණ හඳුන්නෙත්තිගේ ඇමතුම..?ඇයි මාතර තියෙන්නේ ලංකාවේ නෙවෙයි ද
03:19
Video thumbnail
විපතට වග කියන්න ඕනි අනුර..එයාගේ නි.ඇමති නෙවෙයි..ජනපති පත් කළ කොමිසම් ගැන සත පහකවත් විශ්වාසයක් නෑ
06:19


?