දින 14ක් රට වහන්න ඕනෑ නම් වැටුපෙන් අඩක් පරිත්‍යාග කරන්න

මැති ඇමතිවරු සහ සියලු ම රාජ්‍ය සේවකයින් සිය මාසික වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග කිරීමේ යෝජනාවකට එකඟ වන්නේ නම් පමණක් රට දින 14කට වසා දැමීමට යොමු විය හැකි බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. 

එලෙස පරිත්‍යාග කිරීමෙන් රජයට ඉතිරි වන මුදල මෙරට ලක්ෂ 80ක් පමණ වන එදිනෙදා ආදායම් උපයන පිරිස් සඳහා ජීවත්වීමට සහන සැලසීමට බෙදා දිය යුතු බව ද ඔහු යෝජනා කළේය.

මේ බව ඔහු සඳහන් කළේ, ඊයේ (අගෝස්තු 19) දින කළුතර පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“විවිධ පාර්ශවවලින් යෝජනා ඉදිරිපත් වෙනවා රට වසන්න කියලා. ඉතින් අපි විශ්වාස කරනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැති ඇමතිවරු, ඒ වගේ ම රජයේ සියලු ම සේවකයිනුත් මාසයේ වැටුපෙන් අඩක් ලබාගන්නවා නම් අඩක් රජයට පරිත්‍යාග කරනවා නම් අඩක් විතරක් නම් ලබාගන්නේ, දින 14කට රට වසා දමන්නේ නම් මන්ත්‍රීවරුත්, ඇමතිවරුත් රජයේ සේවකයොත් සියලු දෙනාමත් වැඩ කරන දින 14ට පමණක් මාස භාගයක වැටුප ගන්න එකඟවෙන්න ඕනේ. එවැනි තත්ත්වයකට ගමන් කරනවා නම් එවැනි යෝජනාවක් එක්ක තමයි රට වසා දැමීම තීරණය කරන්න ඕනි. විශේෂයෙන් ම ඒ ඉතුරු වන මුදල මේ රටේ ලක්ෂ 80ට වැඩි පිරිසක් ඉන්නවා එදිනෙදා ජීවත්වෙන ඒ අයට සහන සැපයීම සඳහා ඒ මුදල් ටික භාවිත කරන්න ඕනේ.”

මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
103
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24


?