දින 10න් රට අරින්න බෑ.. කොරෝනා වේගවත් වෙලා තවත් තීරණයක් ලගදීම

ගත වූ සතියේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව ඊට කලින් සතියේ වාර්තා වූ මරණ ප්‍රමාණයට වඩා 75% කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියා සිටින්නේ මෙම තත්ත්වය මත විද්‍යාත්මක ක්‍රමයකට මිස රට විවෘත නොකළ යුතු බවයි.

ඉදිරි දිනවල දී රට පුරා කොරොනා පැතිර ගොස් මරණ වැඩිවීම වළක්වා ගැනීමට නම් පියවරයන් කිහිපයක් අනුගමනය කළ යුතුව ඇති බව ද ඇය පෙන්වා දෙයි.

එන්නත ලබා නොගත් අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් ඇතුළු අනෙකුත් අය ලැබෙන පළමු අවස්ථාවේම එන්නත ලබාගත යුතු බවත්, අන් අයට රෝගය බෝ නොවන ලෙස කටයුතු කළ යුතු බවත් කොරොනා රෝග ලක්ෂණ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම දැනුවත් වීම සිදුවිය ඇය කියා සිටියාය. අධික ලෙස මරණ ප‍්‍රතිශතය ඉහළ යාම හේතුවෙන් දින 10න් පසු නැවත රට විවෘත කළ හැකි දැයි ප්‍රශ්නයක් ඇතැයි ඇය තවදුරටත් පැවසුවාය.

එමෙන්ම,මේ ඇඳිරිනීතියේ ප්‍රතිඵල ඉදිරියේදී බලාගන්න පුලුවන් රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඉතාමත් හොද තත්ත්වයක පවතින බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ රට සම්පූර්ණයෙන් විවෘතව තැබීමට වඩා දැන් පවතින ආකාරය ඉතා යහපත් බවයි. දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතියේ ප්‍රතිඵල ඉදිරියේදී දැක ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමක් සිදුකළ යුතුද නැද්ද යන්න පිළිබදව තමන්ට පැවසිය නොහැකි බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන විට රටේ ආර්ථිකය පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් නමුත්, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්නේ නම් එය එතරම් ගැටළුවක් නොවන බව අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර, කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව පසුකර තිබේ. ඒ අනුව එම සංඛ්‍යාව මේ වනවිට 403,285ක් දක්වා ඉහළගොස් ඇත.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ගතවූ දින 4 තුළ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් පුද්ගලයින් 4,484 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02